Posts

කුමාරතුංග මුනිදාස මහතා

Image
කුමාරතුංග මුනිදාස (1887-1944) වූ කලී ශ්‍රී ලංකාවේ විසූ ප්‍රකට වාග් විශේෂඥෙයක්, අර්ථ කතාකරුෙවක්, කවිෙයක් සහ පත්‍ර කලාෙවීදිෙයක් දෙවී . ඔහු විසින් ෙහළ හවුල නම් සංවිධානය පිහිටුවා, සිංහල භාෂාව තුළ අරක් ගෙන තිබූ සංස්කෘත බලපෑම් ඉවත් කිරීමට ඉමහත් පරිශ්‍රයක් දරනු ලැබී ය. සිංහල ලේඛන කලාවේ ප්‍රමුඛයකු වශයෙන් පිදුම් ලද මෙතුමා 1887 ජූලි මස 25 වැනි දින රුහුණේ දික්‌වැල්ලේ දී උපත ලැබීය. කුඩා කල පටන් සාහිත්‍ය ක්‌ෂේත්‍රයට දැඩි ඇල්මක්‌ දැක්‌වූ කුමාරතුංගයන් වෘත්තියෙන් ගුරුවරයෙකි. නිර්මාණශීලි ලේඛකයෙකු හා විශිෂ්ට ගණයේ අධ්‍යාපනඥයෙකු වශයෙන් එතුමාගෙන් සිංහල භාෂාවටත්, ජාතියටත් සිදුවූ සේවය අනභිභවනීයය. ළමා පද්‍ය සාහිත්‍යය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ළමයින් සඳහා පද්‍ය රචනයට පිවිසුනු මූලිකයා වශයෙන් කුමාරතුංග මුනිදාස සූරීන් අවිවාදයෙන් සඳහන් කළ හැකිය. කුමර ගී, කියවන නුවණ, හා ශික්‍ෂා මාර්ග පොත් පෙළ ඔහු විසින් රචනා කරන ලද ළමා පද්‍ය ග්‍රන්ථ අතර ප්‍රමුඛ වෙයි. එපමණක්‌ නොව කුමාරතුංගයන් අතින් ලියෑවුණු ළමා ගද්‍ය සාහිත්‍ය කෘතිද බෙහෙවින් ජනාදරයට පාත්‍ර විය. හීන් සැරය, මඟුල් කෑම, හත් පණ යන ළමා, ගද්‍ය සාහිත්‍ය කෘති ...

මාර්ටින් වික්‍රමසිංහ මහතා

Image
  මාර්ටින් වික්‍රමසිංහ  ( 1890   මැයි 29  -  1976   ජූලි 23 ) වැදගත්  ශ්‍රී ලාංකික  නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි. සිංහල යථාර්ථවාදී නවනවකතාවේ පුරෝගාමියා ලෙස සැලකෙන වික්‍රමසිංහ, දකුණු ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයෙහි දී උපත ලැබී ය. ඔහු 'කොග්ගල ප්‍රාඥයා' යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබයි. මෙතුමා  1890 මැයි 29 වන දිනදී ළමාහේවගේ දොන් බස්තියන් සිල්වා (පසුකාලීනව දොන් බස්තියන් වික්‍රමසිංහ යන නමින් හඳුන්වා තිබෙයි) සහ මාගාල්ල බලපිටිය ලියනගේ නොච්චිහාමි යුවලගේ දස දෙනෙකුගෙන් යුතු පවුලේ එකම පිරිමි දරුවා ලෙස ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයේ දී උපත ලැබීය. කොග්ගල ග්‍රාමය එක් පැත්තකින් ගල් පරය කින්ද, අනෙක් පසින් කොග්ගල ඔයේ අතු ගංගාවන් විශාල ප්‍රමාණයකින් එකතුවන ජල ප්‍රවාහය විසින් නිර්මාණය කළ විශාල වැවකින්ද සමන්විත විය.මුහුද කුඩා දුපත් වලින් සමන්විත වූ වැව ශාක හා සතුන් ද පසෙකින් වූ වන ගහනයෙන් ද සුසැදි භූ දර්ශන මෙන් ම ගම්මානයේ ජනතාවගේ වෙනස්වන ජීවන ක්‍රම සහසංස්කෘතිය ඔහුගේ පසුකාලීන නිර්මාණ ක...