කුමාරතුංග මුනිදාස මහතා
කුමාරතුංග මුනිදාස (1887-1944) වූ කලී ශ්‍රී ලංකාවේ විසූ ප්‍රකට වාග් විශේෂඥෙයක්, අර්ථ කතාකරුෙවක්, කවිෙයක් සහ පත්‍ර කලාෙවීදිෙයක් දෙවී . ඔහු විසින් ෙහළ හවුල නම් සංවිධානය පිහිටුවා, සිංහල භාෂාව තුළ අරක් ගෙන තිබූ සංස්කෘත බලපෑම් ඉවත් කිරීමට ඉමහත් පරිශ්‍රයක් දරනු ලැබී ය. සිංහල ලේඛන කලාවේ ප්‍රමුඛයකු වශයෙන් පිදුම් ලද මෙතුමා 1887 ජූලි මස 25 වැනි දින රුහුණේ දික්‌වැල්ලේ දී උපත ලැබීය. කුඩා කල පටන් සාහිත්‍ය ක්‌ෂේත්‍රයට දැඩි ඇල්මක් දැක්‌වූ කුමාරතුංගයන් වෘත්තියෙන් ගුරුවරයෙකි. නිර්මාණශීලි ලේඛකයෙකු හා විශිෂ්ට ගණයේ අධ්‍යාපනඥයෙකු වශයෙන් එතුමාගෙන් සිංහල භාෂාවටත්, ජාතියටත් සිදුවූ සේවය අනභිභවනීයය. ළමා පද්‍ය සාහිත්‍යය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ළමයින් සඳහා පද්‍ය රචනයට පිවිසුනු මූලිකයා වශයෙන් කුමාරතුංග මුනිදාස සූරීන් අවිවාදයෙන් සඳහන් කළ හැකිය. කුමර ගී, කියවන නුවණ, හා ශික්‍ෂා මාර්ග පොත් පෙළ ඔහු විසින් රචනා කරන ලද ළමා පද්‍ය ග්‍රන්ථ අතර ප්‍රමුඛ වෙයි. එපමණක් නොව කුමාරතුංගයන් අතින් ලියෑවුණු ළමා ගද්‍ය සාහිත්‍ය කෘතිද බෙහෙවින් ජනාදරයට පාත්‍ර විය. හීන් සැරය, මඟුල් කෑම, හත් පණ යන ළමා, ගද්‍ය සාහිත්‍ය කෘති ...